Step mom 14

 


ලිංගික හර්පීස් / Genital Herpes සුව කරන්න පුලුවන්ද?

ලිංගාශ්‍රිත රෝග (STD) ගැන කියද්දි හැමතිස්සෙම අමතක කරන්නම බැරිවෙන රෝගී තත්ත්වයක් තමයි ලිංගික හර්පීස් /Genital Herpes කියන්නේ. ඒ මොකද කීවොත් ඒ තරමටම මෙම රෝගය සමාජය තුළ ව්‍යාප්ත වුන රෝගී තත්ත්වයක් කීවොත් නිවැරදි. උදාහරණයක් විදියට ඈමරිකාව (USA) ගත්තොත්, ඇමරිකාවේ වයස 14ත් 49ත් අතර ජනතාවගෙන් 11.9% කටම හර්පීස් වැලදී ඇතිබව සොයාගෙන තියෙනවා. ඒ එක්කම වසරකට අලුතෙන් රෝගීන් 572,000ක් පමණ සොයා ගන්නා බව CDC ආයතනයට අනුව වාර්තා වෙනවා.

 

ඒ එක්කම ලංකාව ගත්තොත් සෑම වසරකම නව රෝගීන් 3000ක් පමණ හමුවෙන බව දකින්න්ට පුලුවන්. ඒ එක්කම ජාතික ලිංගාශ්‍රිත රෝග පාලන වැඩසටහනට අනුව 2019 වසරේදි ශ්‍රි ලංකාව තුළ පුරුෂයන් 1386කුත් කාන්තාවන් 1926කුත් නව රෝගීන් ලෙස හඳුනාගෙන තියෙනවා.

හර්පීස් (Herpes) කියන්නේ මොනවගේ රෝගයක්ද?




 

ලිංගික හර්පීස් කියන්නේ මූලික වශයෙන්ම Herpes Simplex Virus 2 (HSV 2) කියන වෛරසය මගින් මිනිසාගේ ලිංගාශ්‍රිත ප්‍රදේශවල ඇතිකරන රෝගී තත්ත්වයක්. ඒ කියන්නේ අපගේ ශිෂ්ණය (Penis), යෝනිමාර්ගය (Vagina), ගුද මාර්ගය (Rectal area) වගේ ප්‍රදේශවල තමයි වැඩිපුරම හමුවෙන්න පුලුවන්. කොහොම උනත් සමහර අවස්ථාවල මුඛය ආශ්‍රිතවත් මෙම රෝගී තත්වය දකින්න ලැබෙන්න පුලුවන්.

 

ඒ එක්කම සමහර අවස්ථාවල HSV 1 කියන වෛරස කාන්ඩය මගිනුත් මෙම රෝගය ඇති කල හැකි බව හඳුනාගෙන තියෙනවා.

හර්පිස් රෝගයේ ලක්ෂණ මොනවාද? (what are the symptoms of herpes)



ඇත්තටම ගත්තොත් හර්පීස් – Herpes කියන්නේ ගොඩක් වෙලාවට බාහිරට රෝග ලක්ෂණ නොපෙන්වන රෝගී තත්ත්වයක් වෙන්න පුලුවන්. සමහර විට මෙය රෝගයේ පැතිරීම වැඩි කරන්නත් හේතු වෙනවා.

1. මෙහි ප්‍රධානම රෝගී ලක්ෂණය තමයි ලිංගාශ්‍රිතව පවතින කුඩා වේදනාකාරී තුවාල
2. මුත්‍රා දැවිල්ල
3. ලිංගාශ්‍රිතව ඇතිවන කැසීම්
4. උණ

Genital herpes රෝග ව්‍යාප්තිය

කලින් සඳහන් කලා වගේම මෙම රෝගය සහිත පුදගලයන් බාහිරට රෝග ලක්ෂණ පෙන්වන්නේ නැතිවෙන්න පුලුවන්. එහෙම උනත් රෝග ලක්ෂණ රහිත පුද්ගලයෙකුගෙන් උනත් රෝගය පැතිරවීමට යම් හැකියාවක් තියෙනවා.

ඒ එක්කම රෝග ලක්ෂණ සහිත පුද්ගලයන්ගේ තුවාල සහ ශ්‍රාව වල ලිංගික හර්පීස් ඇති කිරීමට බලපාන වෛරස තත්ත්වය අඩංගු වෙනවා. ලිංගික එක්වීමකදෛ මෙම වෛරසය අනෙක් පුදගලයාගේ ශ්ලේෂ්මල පටල හරහා ශරීර ගත වෙන්න පුලුවන්.

අදාල එක්වීම සාමාන්‍යය ලිංගික එක්වීමකනම් අනෙකාගේ ලිංගාශ්‍රිතවද, එය ගුද සංසර්ගයක්නම් ගුද මාර්ගය ආශ්‍රිතවද , ලිංගික එක්වීම මුඛ සංසර්ගයක් නම් අනෙකෑගි මුඛය ආශ්‍රිත්වද රෝගය ඇති වීමට පුලුවන්.

ඒ එක්කම තවත් වැදගත් කාරණයක් තමයි සිප ගැනීමකින් පවා මෙම රෝගය පැතිර යාමේ හැකියාවක් පැවතීම.

හර්පීස් රෝගයේ අවධානම

ඇත්තෙන්ම මෙම රෝගය අනෙකුත් ලිංගාශ්‍රිත රෝග වලට සපේක්ෂව වැඩියෙන් ගැටලු නිර්මානය කරන්න පුලුවන්. විශේෂයෙන්ම මෙම රෝගය කොපමණ ප්‍රතිකාර කලත් සම්පූර්ණයෙන්ම සුව නොවන ලෙඩක් නිසා ජීවිත කාලයම මෙම රෝගය නිසා ගැටලු වලට මුහුන දීමට සිදුවෙනවා.

 

අනෙක් වැදගත් කරුණ තමයි මේ රෝගය නිසාම බොහෝ දෙනෙක් තමන්ගේ ලිංගික ජීවිතය අවුල් කර ගන්නවා වගේම සමහර විට තමන්ගේ සහකරු / සහකාරියටත් මෙම රෝගය පැතිරීමට දායක වෙනවා.

ඊලග වැදගත්ම කාරණය තමයි මෙම රෝගය නිසා ඔබට එච් අයි වී / ඒඩ්ස් (HIV / AIDS) හැදීමේ හැකියාව 4 ගුණයකින් විතර වැඩි වීම.

හර්පීස් සහ ගර්භනීතාවය (Herpes and pregnancy)




හර්පීස් යනු මවගෙන් දරුවන්ට සම්ප්‍රේෂණය විය හැකි ලිංගාශ්‍රිත රෝගී තත්ත්වයකි.

 

තවද මෙමගින් මලදරු උපත්, අන්ධ දරු උපත් ඇතිවිය හැකියි.


රෝගය හඳුනා ගන්නේ කෙසේද?

මෙම රෝගී තත්ත්වය රෝග ලක්ෂණ සහ ඇතිවන බිබිලි සහ ගෙඩි වලින් හඳුනාගත හැකියි. එසේ වූවද ඊට අමතරව තුවාලයෙන් ලබා ගන්නා සාම්පල Viral culture සහ NAAT පරීක්ෂණ වලට යොමු කිරීමෙන් වඩාත් හොදින් හඳුනාගැනීම කල හැකියි.

Herpes ප්‍රතිකාර

Herpers රෝගය සඳහා සම්පූර්ණයෙන් සුව කිරීමට සුදුසු ප්‍රතිකාර නොපවති. ඒ නිසාම රෝගය ඇතිවීම අවම කර
ර ගැනීමට ක්‍රියා කල යුතුය. විශේෂයෙන් ලිංගික එක්වීමකද සැමවිටම කොන්ඩම් (condom) එකක් භාවිතා කිරීම ඉතාම වැදගත් කාරණයක්.

ඒ එක්කම තුවාල ආවම ඒවා ඉතාම වේදනාකාරීයි. මේ සඳහා වෛද්‍යය උපදෙස් මත වේදනා නාශක වගේ දේවල් ගන්න පුලුවන්.

ඒ එක්කම සමහර විට Anti virals වර්ගයට අයත් බෙහෙත් මගින් රෝගයේ යම් පාලනයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

ඒ එක්කම ඔබ රෝගය සහිත මවක්නම් අනිවාර්යෙන්ම ඒ පිලිබඳ ඉතාම සැලකිලිමත් වෙන්න ඔනේ. මොකද එම රෝගය දරුවාට යන එක අවම කරන්න හැකියාව තියෙන නිසා.


මෙය අන්තර්ජාලයෙං උපුටා ගත් ලිපියකි..

මෙහි අයිතිය මුල් හිමිකරු සහිත වේ..

 

 




Part 1

Part 1

Part 2

Part 2

Part 3

Part 3

Comments