කොල්ලන්ගෙ ක්‍රශ් එක

 



ස්වයංවින්දනය ගැන වැදගත්ම කරුණු 10ක්

 

ස්වයංවින්දනය එහෙමත් නැත්නම් masturbation කියන්නේ මට නිතරම ගැටලු යොමුවෙන එක ප්‍රධාන මාතෘකාවක්. ඒ නිසාම ඒ සම්බන්ධ Youtube සහ Tiktok කියන සමාජ මාධ්‍යය හරහා මම විඩියෝ විශාල ප්‍රමාණයක් කරලා තියෙනවා. කොහොම උනත් අපි වෙබ් සයිට් එක හරහාත් ස්වයංවින්දනය (masturbation) ගැන යම් දැනුවත් කිරීමක් කිරීම වැදගත් කියලා හිතුනා.



ස්වයංවින්දනය කියන දේ ගැන කතා කරද්දි ඒ ගැන දැනගන්න වැඩිපුරම අවශ්‍යතාවය තියෙන්නේ නව යොවුන් වියේ දරුවන්ට, එහෙමත් නැත්නම් තරුණයන්ට. සාමන්‍යයෙන් මැදිවියේ හෝ මහලු අයට මේ ගැන ලොකු අවශ්‍යතාවයක් නැති වුනත් ඔවුන් පවා ස්වයංවින්දනය ගැන හිතන් ඉන්න සමහර කරුණු සම්පූර්ණයෙන්ම වැරදි කියලා කියන්න ඔනේ.

ස්වයං වින්දනය කියන්නේ මොකක්ද? (What is masturbation? )

බොහෝවිට අපි අපේ ලිංගික උද්දීපනයන් ඇතිවෙන මුල් කාලයේ, ඒ පිලිබඳ යම් යම් අත්දැකීම් ලබා ගන්න උත්සහ කරනවා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි ස්වයන්වින්දය (swayanwindanaya) කියන සංකල්පය මතු වෙන්නේ.



ඉතින් ස්වයංවින්දනය කියන්නේ තමා විසින්ම තම ලිංගික අවයව උද්දීපනය කිරීම තුලින් ලිංගික වශයෙන් යම් ආකාරයක තෘප්තියක් ලබා ගැනීමයි.

ස්වයන්වින්දනය කියන්නේ ඉතාම සරල කාරණයක් වුනත් ඒ පිලිබඳ මිත්‍යා මත (myths on mastrubation), වැරදි මතවාද ගොඩක් තියෙනවා කියලා රෝගීන් එක්ක කටයුතු කරද්දි අවබෝධ වෙලා තියෙනවා. මේ නිසාම ස්වයංවින්දනය ටිකක් ගැඹුරින් කතා කරන එක වැදගත් වෙනවා.

1. ස්වයංවින්දනය පිරිමින් සඳහා පමණක් නොවේ.(Is it only for men?)


ගොඩක් වෙලාවට අපි දිතන් ඉන්න දෙයක් තමයි ස්වයං වින්දනය යෙදෙන්නේ තරුණ නැත්නම් නව යොවුන්වියේ පිරිමි ලමයි විතරයි කියලා. ඒ වුනත් ඒක ඊට වඩා ගොඩක් වෙනස්.

පුරුෂයන්ගෙන් 95%ක් පමණත් කාන්තාවන්ගෙන් 85% ක් පමණත් කවදාහරි ස්වයංවින්දනයේ යෙදිලා තියෙනවා කියලා සමහර සමීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා.

2. ස්වයංවින්දනයේ යෙදෙන්නේ අවිවාහක අය විතරද? (Is it only for unmarried?)

මම කලින් කීවා වගේම Masturbation කියන්නේ නව යොවුන් අයට විතරක් සීමා වුන දෙයක් නෙවේ. ස්වයන්වින්දනය විවාහක අවිවාහක දෙපිරසටම පොදුයි. විශේෂයෙන්ම ස්වයංවින්දනයේ යෙදෙන අයගේ විවාහ ජීවිත වඩා සාර්ථකයි කියලා හොයාගෙන තියෙනවා.

 

3. ස්වයංවින්දනයට වයස බලපානවද? (is it an age related thing?)

අපි හිතන එක දෙයක් තමයි ස්වයංවින්දනය කියන්නේ තරුණයන්ගේ දෙයක් කියලා. නමුත් ඇත්තටම මාස්ටෘබේට් (masturbate) කරන්නේ තරුන අය විතරක් නෙවේ. තරුණ, මහලු හැමෝම මේ වැඩේ කරනවා.

4. ස්වයංවින්දනය නිසා කෙට්‍ටු වෙනවද? (Is it wasting your body?)

ස්වයං වින්දනය පිලිබඳ මම කරපු එක ටික් ටොක් වීඩියෝ එක්කට ඇවිත් තිබ්බ ප්‍රශනයක් තමයි ” ස්වයංවින්දනය කලාම කෙට්‍ටු වෙනවද? (Is mastrubation causing wasting of body?)” කියන එක.

එතනම හිටපු තවත් කෙනෙක් ලස්සන කමෙන්ට් එකක් දාල තිබ්බා. “එහෙනම් මම ඉරට්ටක් වගේ වෙන්න ඔනේ කියන එක”

ඇත්තට ස්වයොවින්දනයේදි පිට වෙන්නෙත් ලිංගික එක්වීමකදි පිටවෙන දේවල්මයි (both maturation and sex ejaculate same things) . ඒ නිසා එය කෙට්‍ටු වීමට හේතුවක් නෙවේ.

5. ස්වයංවින්දනයේ යෙදීම මානසික රෝගයක්ද? (is it a psychiatric issue?)

මිනිස්සු තරුණ වියට පත් වෙනවා කියන්නේ එ ඔවුන්ගේ ලිංගික වශයෙන් පරිනත (Sexual maturation) කාලයකට පත්වෙනවා කියන එක. ඒ එක්කම ඔවුන් ප්‍රජනනයට (sexual reproduction) අවශ්්‍යය වටපිටාව හදා ගන්නවා. ඉතින් ඔවුන්ට ලිංගික හැගීම් (sexual feelings/ sexual stimulations) එන එක අත්‍යාවශ්‍යයයි. නමුත් ඒවා සම්පූර්ණ කර ගන්නට ඇති එකම ක්‍රමය වන්නේ මෙයයි. ඒ නිසා ඔවුන් ස්වයංවින්දනයේ යෙදීම සිදුකරනවා.

ඉතින් එහෙම බලද්දි ස්වයංවිදනය කියන්නේ ස්වාභාවික දෙයක්. එයට මානසික රෝගයක් කියන්න බැ. ඒ එකක්ම ඔබ ස්වයංවින්දනයේ යෙදෙනවා කියන්නෙම ඔබ ශාරීරික සහ මානසික වශයෙන් හොද සෞඛ්‍යකින් පසුවෙනවා කියන එක .

6. සවයංවින්දනයේ නොයෙදීම රෝගයක්ද? (Is it a necessity?)

 

එක එක අයට ස්වයං වින්දනයේ නොයෙදෙන්න එක එක හේතු තියෙනවා. සමහර ඒවා ආගමික ඒවා සමහර ඒවා සංස්කෘතික ඒවා තවත් සමහර ඒවා පෞද්ගලික හේතු. කොහොම උනත් එහෙම නොයෙදීම රෝගයක් කියලා කියන්නත් බැ.

7. දිනකට ස්වයංවින්දනයේ යෙදිය යුතු උපරිම වාර ගනනක් තියෙනවාද? (Is there a limitation?)

 

ඇත්තටම එහෙම වාර ගණනක් නැ. ඒත් ඔබගේ අනෙකුත් වැඩ කටයුතු මග ඇරලා ස්වයංවින්දනයේ විතරක් යෙදෙමින් ඉන්නවනම් එයින් මිදීම අවශ්‍යය වෙනවා.

8. ස්වයං වින්දනය ඔබේ සරුභාවය අඩු කරනවාද? (Is it causing subfertility?)


 

අපේ ශරීරය තුළ දෛනිකව ශුක්‍රාණු මිලියන ගණනක් නිපදවෙනවා. ඉතින් එහෙම නිපදවෙන සුක්‍රාණු වලින් කොටසක් එලියට ගියා කියලා ඔබ මදසරු වන්නේ නැ.

9. ස්වයංවින්දනය නිසා කැන්සර් ඇති වෙනවාද? (Is it causing cancers?)

සමහර අය අතර මතයක් තියෙනවා ඔබ ස්වයංවින්දනයේ යෙදෙනකොට පසුකාලීනව ඔබට පුරස්ථිති ග්‍රන්ථියේ පිළිකා (prostate cancers) ඇතිවෙනවා කියලා. ඇත්තටම එය වැරදී.

10. ස්වයංවින්දනයේ යෙදීමෙන් කාන්තාවන් ගැබ් ගන්නවද? (Is it make ladies pregnant?)


කොහෙත්ම නැ.
ලිංගික සංසර්ගයක් නැතිව , පුරුෂ ශෘක්‍රණු සම්බන්ධ වීමක් නැතිව, ස්වයංවින්දනයේ යෙදුන පලියට ඔබව ගැබ් ගැනීමකට ලක්වන්නේ නැ.

____________________________________________

එයාගෙ කලිං වීඩියෝ එක බලල නැති අය 

මෙතන ක්ලික් කරල බලන්න.







Part 1

PART 1

PART 2

PART 2

PART 3

PART 3

 


Comments